අපගේ දැක්ම

මාතර ප්‍රාදේශීය මහ ලේකම් බල ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධනයේ නියමුවා ද, සමීපත ම මිත්‍රයා ද බවට පත්වෙමින් ඔවුන්ගේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමේ ප්‍රාදේශීය පරිපාලන ක්‍රියාවලිය තුළ අද්විතීය රාජ්‍ය ආයතනය බවට පත්වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රිියාවලියක් තුළින් ප්‍රාදේශීය ජන ජීවිතය නංවාලීම.
 
ඓතිහාසික පසුබිම
 
රුහුණු පුරවර දකුණු සිරිලක මාතර පුරවරයට හිමි වන්නේ අභිමානවත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිමය යුග උරුමයකි. භාෂා සාහිත්‍ය මුල් කරගත් කලාව හා බැඳනු සෞන්දර්යාත්මක විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මාතර දිසාව ලබාඇති අභිමානවත් කීර්තිමත් නාමය අන් කිසිදු දෙසකට, පෙදෙසකට දෙවැනි නොවේ. මාතර අපේ ලිඛිත ඉතිහාසය ක්‍රි.පූ. පළමු සියවස දක්වා ඈතට දිව යයි. ක්‍රි.ව. 508 රජ පදවි ප්‍රාප්ත දප්පුල රජු ,ඉන්පසුව රජ පදවිය ලත් පළමු පැරකුම්බා, දෙවන පැරකුම්බා හා හතරවන පැරකුම්බා වැනි නරපතියන්ගෙන් මෙන් ම කරතොට ශ්‍රී ධම්මාරාම නාහිමි, බැදිගම ශ්‍රී රතනපාල නාහිමි, අනගාාරික ධර්මපාල තුමා, මහා කවි කාලිදාසයන්, ගජමන් නෝනා, රංචාගොඩ කිවිඳියන්, සරම්මුදලි තුමා, මුණිදාස කුමාරතුංග මැතිතුමා වැනි ගිහි පැවිදි උතුමන් මාතර සාහිත්‍ය ඉතිහාසය වර්ණවත් කළ අය අතර ශ්‍රේෂ්ඨයන් ය.
 
බුළුතොට හෙල් හෙවත් රක්වාන කඳුවැටියෙන් ඇරඹෙන නිල්වලා ගඟ ගලන්නේ මාතර නගරය මැදිනි. මෙම ගංගාව මුහුදට සම්බන්ධ වන ස්ථානය ආසන්නයේ දී එගොඩ මෙගොඩ  වීම සඳහා තරණය කළ යුතු ප්‍රදේශය පුළුල් වීම නිසා එම ස්ථානය මහතෙර ලෙස නම් වී ඇත. එම ස්ථානය මහතොට වන්නේ ඔරු පාරු එගොඩ මෙගොඩ වීම සඳහා යොදා ගැනීමෙන් පසුවයි. ගඟේ එතෙරවීමට තිබුණු විශාල තොටුපොළ මහතොට වී පසු කලෙක භාවිතයේ දී "මහතොට" වන්නේ ඔරු පාරු එගොඩ මෙගොඩ වීම සඳහා යොදාගැනීමෙන් පසුවයි. ගඟෙන් එතෙරවීමට තිබුණු විශාල තොටුපොළ මහතොට වී පසු කලෙක භාවිතයේ දී "මහතොට" වන්නට ඇතැයි විද්වත් මතයයි. මහතොට පෘතුගීසි බසින් උච්චාරණය වී ඇත්තේ "මතොර්" යන නමිනි. ලන්දේසි බසින් මෙය "මාතෝර්" ලෙස ද ඉංග්‍රීසීන් විසින් එය මාතර ලෙස ද භාවිතා කර ඇත. 1672 දී ෆිලිප්පස් බේල්දියස් (Philippus Baldaeus) නමැති ඕලන්ද පූජකවරයා මහතොට "මාතූර්" නමින් ද, 1681 රොබට් නොක්ස් මාතූර්, මාතර ලෙස ද හඳුන්වා ඇත. ඓතිහාසික මහතොට දක්වා විකාශනය වී මාතර, දිස්ත්‍රික්කය හඳුන්වන පොදු නම බවට පත් වී ඇත. ක්‍රි.ව. 6 වන සියවස දක්වා දිවෙන මාතර ඉතිහාසය පවසන්නේ ආර්යයන් ලංකාවට ගොඩබසින වකවානුවේ දී මාතර ප්‍රදේශය ආශ්‍රිතව නාග ගෝත්‍රිකයන් ාවසය කළ බවයි. මෑතකාලීනව ද එය ඔප්පු වන සාධකය වන්නේ නාවිමන, නාඔටුන්න, නාකුට්ටියගම යන ප්‍රදේශයන් ය.
 
චිත්ත්කර්ෂණීය වෙරළ තීරයකට හිමිකම් කියන සොබාදහම් මෑණියගේ දායාදයක් බඳු වූ මාතර කොට්ඨාසය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධෘන පරිපාලන හා වෙළඳ මධ්‍යස්ථානය ද වේ. වර්ග කි.මී. 53.9 ක භූමි ප්‍රමාණයකින් යුත් මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.082% කි. මාතර දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 4.20% ක් පමණ වන එය ග්‍රාම නිලධාරී කොට්ඨාස 66 කින් ද, ගම් 108 කින් ද, ජනගහනය 122,058 (2018 ජන සංගණනය) කින් ද, නිවාස 27,696 කින් ද, පවුල් 28040 කින් ද සමන්විතය.

මාතර දිස්ත්‍රික්කය තුළ වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ මෙම කොට්ඨාශය තුළ වන අතර එය මුළු ජනගහනයෙන් 14.2% ක් පමණ වේ. මෙම කොට්ඨාශය දිස්ත්‍රික්කය තුළ විශාලම ජන ඝනත්වය සහිත කොට්ඨාශය වන අතර එය සාමාන්‍යෙයන් වර්ග කිලෝමීටරයට 2,109ක් ද මාතර මහ නගර සීමාව තුළ වර්ග කිලෝමීටරයට 5,796ක් ද පමණ ප්‍රමාණයක් වේ. 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 90695 කි.ඒ අනුව බලන කල මාතර දිස්ත්‍රික්කය තුළ වැඩිම පිරිසකට සේවා සපයන ආයතනයක් ලෙස මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමිවන ස්ථානය ඉතා වැදගත් ය.

මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පළාත් පාලන ආයතන දෙකකට අයත් ය. ඉන් මාතර මහ නගර සභාව ව.කි.මී. 12.8 ක් ද, මාතර ප්‍රාදේශීය සභාව ව.කි.මී. 41.1 ක් ද පාලනය කරයි. එනම් ග්‍රාම නිලධාරී කොට්ඨාස 36ක් මහ නගර සභාවට ද, කොට්ඨාස 25 ක් ප්‍රාදේශීය සභාවට ද අයත් අතර කොට්ඨාස 05ක් පළාත් පාලන ආයතන දෙකටම ද අයත් වේ.

භූ විෂමතාව අනුව බලන කල මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇත්තේ පහත් තැනිතලා ප්‍රදේශයකි. භූමියේ වැඩි පැතිරීමක් දක්නට ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් දක්වා වේ. නිල්වලා ගංගාවේ නැගෙනහිර අර්ධය එනම් දකුණු ඉවුර අඩි 100 - 300 ද්කවා උස් වන කඳු ගැටවලින් යුක්ත ය. ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන නිල්වලා නදිය තොටමුණ ප්‍රදේශයෙන් මුහුදට සම්බන්ධ වේ. මාතර කොට්ඨාසයේ දකුණු පස මායිමේ කි.මී. 12 ක් පමණ දිගට මුහුදු තීරය දක්නට ලැබේ. මීට අමතරව ප්‍රධාන වැව් 03 ක් ද මෙම කොට්ඨාසයේ හඳුනාගෙන ඇත. එනම් අක්කර 213 ක් පුරා පැතිරී ඇති ඇල්ලකන්ද වැව ද, වැවඉහළගොඩ ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි කුඹල්ගම වැව ද, මාකාවිට ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මාකාවිට වැව ද වේ. තැනින් තැන පැතිරුණු වනාන්තර භූමි ප්‍රදේශ අතර ඇල්ලකන්ද රක්ෂිතයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. තවද වෙරළාශ්‍රිතව විහිදී ඇති කඩොලාන පරිසර පද්ධතිය ද ප්‍රදේශයට වටිනා සම්පතකි. මෙය මත්ස්‍ය අභිජනන කලාපයක් ලෙසද පරිසරවේදීන් විසින් හඳුනාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා සපයන මාර්ගයක් වීම ද වාසිදායක වී ඇත.

ඛණිජ සම්පත් අනුව බලන කල මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වල්ගම හා මඩිහ ප්‍රදේශයේ හිරිගල් ඛණිජයන් ද, දීයගහ, කැකණදුර, නාවිමන, වේරගම්පිට ප්‍රදේශයන්හි කළුගල් ඛණිජ ද පිහිටා ඇති අතර කුඹල්ගම ප්‍රදේශයේ මැටි නිධි ද දක්නට ලැබේ.

 

 

ආයතනයේ විකාශනය

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
පී.ඒ. ජයවර්ධන මයා                                     1992-10-04            1994-11-30           
ජී.එස්. එදිරිවීර මයා 1994-12-01 1998-04-29
යූ.එච්. දයාසීලි මිය 1998-05-19 2004-03-03
ටී.පී. වනිගසිංහ මයා 2004-03-04 2005-05-09
ඩබ්.කේ. අතුකෝරල මිය 2005-05-10 2007-03-25
ටී.පී. වනිගසිංහ මයා 2007-03-26 2011-06-11
බී. රණවීර මයා 2011-06-13 2014-02-01
රංජිත් යාපා මයා 2014-02-02 2017-04-19
ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි මයා 2017-04-20 2019-07-31
දීපිකා කේ. ගුණරත්න මිය 2019-09-12 සිට මේ දක්වා

News & Events

04
නොවැ2020

Curfew Licenses Format for Covid-19

කෝවිඩ් 19 යටතේ ඇඳිරිනීති බලපත්‍ර ලබාගැනීම

10
ඔක්2019

2019 සාහිත්‍ය උත්සවය

2019 සාහිත්‍ය උත්සවය 2019-10-10 දින මාතර ප්‍රාදේශීය...

Scroll To Top